සෙවුම්







මහාචාර්ය හරිස්චන්ද්‍ර අබේගුණවර්ධන

(BVSc, MSc, PhD & DSc)

මහාචාර්ය හරිස්චන්ද්‍ර අබේගුණවර්ධන මහතා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල  පුළුල් පළපුරුද්දක් ඇති කීර්තිමත් ශාස්ත්‍රඥයෙකි. ඔහු මණ්ඩදූව ප්‍රාථමික විද්‍යාලයෙන් (1956-1958), ප්‍රාථමික අධ්‍යාපනය ද,   මාතර රාහුල විද්‍යාලයෙන් (1959-1966) සහ ගාල්ල මහින්ද විද්‍යාලයෙන් (1968-1969)  ද්විතීයික අධ්‍යාපනය ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් (1973-1977) මූලික උපාධිය අධ්‍යාපනයද   ඇමරිකා එක්සත් ජනපදයේ Urbana-Champaign හි ඉලිනොයිස් විශ්ව විද්‍යාලය (1981-1987) පශ්චාත් උපාධි අධ්‍යාපනය ද ලබා ඇත.මෙතුමා 1978 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සිය අධ්‍යයන ( අධ්‍යාපනඥ) ජීවිතය ආරම්භ කළ අතර 1987 දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රේණියට ද, 2000 දී මහාචාර්යවරයෙකු ලෙසද, 2008 දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස ද උසස්වීම් ලැබීය. ඔහු 2000 වර්ෂයේ දී පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා බවට පත් වූ අතර 2006 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස වැඩ භාර ගන්නා තෙක් මෙම තනතුරේ කටයුතු කළේය. 2009 ඔක්තෝම්බර් මාසයේදී ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලද අතර 2015 මාර්තු දක්වා එම තනතුරේ කටයුතු කළ එතුමා 2015 අප්‍රේල් මාසයේදී විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ලැබීය. 2017 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දියමන්ති ජුබිලි උත්සවයේ දී එහි විශිෂ්ටතම ආදි ශිෂ්‍යයෙකු වීමේ ගෞරවය මහාචාර්ය අබේගුණවර්ධන මහතාට හිමි විය. ශාස්ත්‍රීය ජයග්‍රහණ සහ අධ්‍යයන නායකත්වය ඇගයීම සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඔහු කළ විශිෂ්ට දායකත්වය හේතුවෙන් 2022 අගෝස්තු 30 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති 83 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී මෙතුමා විද්‍යා ආචාර්ය (හොනොරිස් කෝසා) සම්මානයෙන් පිදුම් ලැබීය.මෙතුමා  බොහෝ රාජ්‍ය සංවිධාන, ව්‍යවස්ථාපිත ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතනවල පාලක මණ්ඩලවල සාමාජිකයෙකි. ඔහු FAO/IAEA හි සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය අංශය සඳහා විදේශීය උපදේශන පැවරුම් සහ දේශීය වශයෙන්  සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල උපදේශන පැවරුම් රැසක් සිදුකර ඇත. ඔහු කීර්තිමත් පර්යේෂකයෙකයෙකු වන අතර බොහෝ උපාධිධාරී සිසුන් අධීක්ෂණය කළේය.  පර්යේෂණ ලිපි රැසක්  ප්‍රකාශයට පත් කර ඇති අතර    ශාස්ත්‍රීය ප්‍රකාශන රැසක සම-කර්තෘ විය.

මෙතුමා දැනට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ප්‍රමිති සම්පාදනය සඳහා වන උත්තරීතර ආයතනය වන ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිධූරය සහ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය හොබවයි. එසේම  කැලණිය විශ්වවිද්‍යාලය, ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.,  ඊට අමතරව, සහ Bairaha Farms (PLC) හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ද වේ

සෙවුම්