දැක්ම සහ මෙහෙවර

සෙවුම්







                                                            

 

Our Vision

සමස්ත ශ්‍රී ලාංකේය සමාජය, දේශීය හා ගෝලීය අභියෝගවලට මුහුණ දීමට හැකිවන පරිදි සාමකාමී, සහයෝගී, ප්‍රගතිශීලී චින්තනයෙන් හෙබි ජීවිත කාලය පුරාම ඉගෙන ගන්නන් බවට පත්කිරීම.

Our Mission

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති, ඉලක්ක සැකසීමේ ප්‍රමුඛතම සංවිධානය ලෙස කටයුතු කිරීම, අධ්‍යාපනයට අදාළ නිපුණතා පැතිකඩ සහ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රමිතීන් අධීක්ෂණය කිරීමත්, ඒවායේ ගුණාත්මකභාවය, අදාළත්වය සහ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමේ අදහසින් සහතික කිරීමේ භූමිකාව ඉටු කිරීම.

 

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට පහත කරුණු ඇතුළත් වේ:-

අධ්‍යාපනයේ පරමාර්ථ හා නිෂ්ඨාවන්; පෙර පාසැල්, ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික, උසස්, නොවිධිමත්, අවිධිමත්, වැඩිහිටි, විශේෂ, වෘත්තීය හා ආගමික යන අධ්‍යාපන ක්‍රමයේ ව්‍යුහය; ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම හා ගුරුවරුන් බදවා ගැනීම සදහා වූ ක්‍රම හා නිර්නායක ඇතුළුව අධ්‍යාපන ආයතනවල පිහිටීම සහ ඒවායේ ව්‍යාප්තිය; ඉගැන්වීමේ මාධ්‍යය, විෂයමාලා විවිධාංගීකරණය, පෙළ පොත් සහ ඉගෙනුම් උපකරණ, ආගමික දැනුම, පිළිපැදීම සහ පරිචය ලබන ස්ථානය, තක්සේරු කිරීම හා ඇගයීම, විභාග ක්‍රමය, සහතික, අභිඥාන පත්‍ර සහ ශාස්ත්‍රීය  ප්‍රදාන හා සුදුසුකම් පිළිගැනීම, ගුරුවරුන්, උපකාරක අධ්‍යාපන කාර්ය මණ්ඩලය බදවා ගැනීම, ස්ථාපනය කිරීම, ඔවුන්ගේ විනය පාලනය සහ වෘත්තීය වර්ධනය; ප්‍රජා සහභාගීත්වය උපයෝගී කර ගැනීම ද ඇතුළුව අධ්‍යාපනය සදහා වූ සම්පත්; සහ දිවා ආහාරය, සෞඛ්‍යය හා දන්ත සේවා, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා ඇතුළුව ඉගෙනීම සදහා උපකාරක සේවා

කොමිෂන් සභාවේ බලතල හා කර්තව්‍ය

(1)කොමිෂන් සභාවේ කර්තව්‍ය-

(අ) අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සැලසුම් හෝ සැලසුම් වහා සමාලෝචනය කිරීම සහ පෘථුල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම ද ඇතුළුව, අධ්‍යාපන ප්‍රතිපත්ති නොකඩවා පවත්වාගෙන යාම සහතික කිරීම සහ සමාජයේ වෙනස් වන අවශ්‍යතාවන්ට අධ්‍යාපන ක්‍රමය අනුකූලතාව දැක්වීම හැකි කිරීමේ අදහස ඇතිව, අධ්‍යාපන ප්‍රතිපත්තියේ සියළුම අංශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම;

 

(ආ) ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සැලැස්ම හෝ සැලසුම් කලින් කල (කාලානුරූපව) සමාලෝචනය කිරීම සහ විශ්ලේෂණය කිරීම ද අවශ්‍ය විටෙක ඒ ප්‍රතිපත්තියේ, සැලස්මේ හෝ සැලසුම්වල ඇති කල යුතු වෙනස්කම් (පිළිබඳව) ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම;

 

(ඇ) කොමිෂන් සභාවේ උපදෙස් සදහා ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාව වෙත යොමු කරනු ලැබිය හැකි, අධ්‍යාපනයට අදාළ සියලු කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීම.

 

(2) (1) වන උප වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබිය හැක්කේ යම් කාරණා සම්බන්ධයෙන් ද, ඒ කාරණාවල ව්‍යාප්තියට හානියක් නොමැතිව, කොමිෂන් සභාව විසින් පහත සදහන් කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලැබිය හැකිය :-

  1.  

(අ) සේවා නියුක්තිවලට, කර්මාන්තවලට, හා සාමාජික අවශ්‍යතාවලට සරිලන පරිදි අධ්‍යාපනය සකස් කිරීමෙහි ලා අවශ්‍ය වන, අධ්‍යාපනික ආයතනවල විෂයමාලාවල හා ඉගැන්වීම් ක්‍රමවල ඇති කළ යුතු වෙනස්කම්;

 

(ආ) අධ්‍යාපනික ආයතනවල ශිෂ්‍යයන්ට ඔවුන්ගේ ස්වශක්තිය පූර්ණාකාරයෙන් වැඩි දියුණු කර ගැනීමට හැකිවන පරිදි, ලබා දියයුතු මාර්ගොපදේශකත්වයේ හා උපදේශ සේවාවල ප්‍රමාණවත්භාවය;

 

(ඇ) අධ්‍යාපනික ආයතන හා ප්‍රජාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමෙහි ලා අවශ්‍ය වැඩ පිළිවෙළවල්;

 

(ඈ) ප්‍රජාවේ සමස්ත මානුෂික සංවර්ධනය උදෙසා අධ්‍යාපනික ආයතන, සම්පත් මධ්‍යස්ථාන වශයෙන් වැඩි දියුණු කිරීම;

 

(ඉ) ප්‍රාදේශීය වශයෙන් පාසල් අතර පවත්නා අතුල්‍යතා (අසමානතා) අඩු කිරීමෙහි ලා ගැනීමට අවශ්‍ය පියවර;

 

(ඊ) ගුරුවරුන්ගේ සහ අධ්‍යාපන සේවා කාර්ය මණ්ඩලයේ වෘත්තීය තත්ත්වය නගා සිටුවීමෙහි ලා ගැනීමට අවශ්‍ය පියවර;

 

(උ) ප්‍රාථමික හා ද්විතීයික පාසල් නියමිත කාලයට පෙර හැර යන ළමයින්ට, ඔවුන්ගේ ශක්‍යතාව පූර්ණාකාරයෙන් වැඩි දියුණු කර ගැනීමට හැකිවන පරිදි ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා සැලැස්විය හැකි විකල්ප වැඩ සටහන්;

 

(ඌ) සියලු ජන කොටස්වල සහ ආගම්වල ශිෂ්‍යයන්ගේ සංස්කෘතික හා ආගමික අපේක්ෂාවන් පෝෂණය කිරීමෙහි ලා අවශ්‍ය වන විෂයමාලාවල ඇති කළ යුතු වෙනස්කම්;

 

(එ) එවැනි යම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙහි ලා අවශ්‍ය නීතිමය වෙනස්කම්

සෙවුම්







දැක්ම

ශ්‍රී ලාංකේය අනන්‍යතාව සුරක්ෂිත කෙරෙන්නාවුත් සියළු අභියෝගයන්ට මුහුණ දී ම සඳහා යොදා ගත හැකි බව සහ සාධාරණත්වය සහතික කෙරෙන්නාවුත් පරිපූර්ණ අධ්‍යාපනයක් සැමට ලබාදෙන පෘථුල ජාතික ප්‍රතිපත්ති රාමුවක්..

මෙහෙවර

අධ්‍යාපන පද්ධතියේ සියළු අංශ නොකඩවා පවත්වාගෙන යාම සහතික කෙරෙන්නාවුත් ශ්‍රී ලංකාවේ වෙනස්වන අවශ්‍යතාවන්ට අනුකූලතාව දැක්වීමේ හැකියාව ඇත්තාවුත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සාකච්ජා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.

ප්‍රධාන පරමාර්ථ

1991 අංක 19 දරණ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා මගින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ස්ථාපිත කරන ලද්දේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම හෝ සැලසුම් වහා සමාලෝචනය කිරීම සහ පෘථුල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම ද ඇතුළුව අධ්‍යාපන ප්‍රතිපත්ති නොකඩවා පවත්වාගෙන යාම සහතික කිරීම සහ සමාජයේ වෙනස්වන අවශ්‍යතාවන්ට අධ්‍යාපන ක්‍රමය අනූකූලතාව දැක්වීමේ අදහස ඇතිව අධ්‍යාපන ප්‍රතිපත්තියේ සියලු අංශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාය.

පෘථුල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට පහත දැක්වෙන කාරණා ඇතුළත් වේ.

අධ්‍යාපනයේ පරමාර්ථ හා නිෂ්ඨාවන් : පෙර පාසල්, ප්‍රාථමික, ද්විතියික, තෘතියික, උසස්, නොවිදිමත්, අවිධිමත්, වැඩිහිටි, විශේෂ, වෘත්තිය හා ආගමික යන අධ්‍යාපන ක්‍රමයේ ව්‍යුහය : ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම හා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වූ ක්‍රම හා නිර්නායක ඇතුළුව අධ්‍යාපන ආයතන වල පිහිටීම සහ ඒවායේ ව්‍යාප්තිය : ඉගැන්වීමේ මාධ්‍ය, විෂයමාලා විවිධාංගිකරණය, පෙළ පොත් සහ ඉගෙනුම් උපකරණ, ආගමික දැනුම, පිළිපැදීම හා පරිවය ලබන ස්ථානය, තක්සේරු කිරීම හා ඇගයීම, විභාග ක්‍රමය, සහතික,

අභිඥාණ පත්‍ර සහ ශාස්ත්‍රීය ප්‍රදාන හා සුදුසුකම් පිළිගැනීම, ගුරුවරුන්, උපකරණ අධ්‍යාපන කාර්ය මණ්ඩලය, අධීක්ෂකයන් සහ පරිපාලකයන් ඇතුළුව අධ්‍යාපන සේවා කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, ස්ථාපනය කිරීම, ඔවුන්ගේ විනය පාලනය සහ වෘත්තිය වර්ධනය : ප්‍රජා සහභාගිත්වය උපයෝගි කර ගැනීමද ඇතුළුව අධ්‍යාපන සඳහා වූ සම්පත් : සහ දිවා ආහාරය, සෞඛ්‍යය හා දන්ත සේවා , ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා ඇතුළුව ඉගෙනීම සඳහා වූ උපකාරක සේවා.

සෙවුම්