සෙවුම්







S ශානිකා රෝෂිනී මහත්මිය

Sri Lanka Administrative Service Class 1

S ශානිකා රෝෂිනී මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් BSc කළමනාකරණ (පොදු) විශේෂ උපාධියක් ද, මොරටුව විශ්වවිද්‍යාලයෙන් MBA (E-Governance) සහ ස්වීඩනයේ ලෝක සමුද්‍රීය විශ්වවිද්‍යාලයෙන් සමුද්‍රීය කටයුතු පිළිබඳ MSc (නැව් කළමනාකරණය සහ ප්‍රවාහනය පිළිබඳ විශේෂීකරණය) උපාධියද ද ලබා ඇත.  මීට අමතරව ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ප්‍රවාහන හා ප්‍රවාහන කළමනාකරණ ඩිප්ලෝමා ධාරිණියෙකි. එසේම මෙතුමිය ශ්‍රී ලංකා ලොජිස්ටික් සහ ප්‍රවාහන වරලත් ආයතනයේ  (CMILT) වරලත් සාමාජිකත්වයද ලබාඇත.

2006 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට සම්බන්ධ වූ ඇය හලාවත සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස (2007-2009) කටයුතු කළාය.  අනතුරුව 2011 වසර දක්වා කොළඹ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස රාජකාරි කටයුතු කරන ලදී. ඇය 2021 දී වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (බලපත්‍ර) ලෙස සේවය කළාය.  මේ වන විට  ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ලේකම් ධූරය හොබවන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I පන්තියේ නිලධාරිනියකි.

සෙවුම්