දැක්ම සහ මෙහෙවර

දැක්ම

මෙහෙවර
ප්‍රධාන පරමාර්ථ
1991 අංක 19 දරණ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා මගින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ස්ථාපිත කරන ලද්දේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම හෝ සැලසුම් වහා සමාලෝචනය කිරීම සහ පෘථුල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම ද ඇතුළුව අධ්‍යාපන ප්‍රතිපත්ති නොකඩවා පවත්වාගෙන යාම සහතික කිරීම සහ සමාජයේ වෙනස්වන අවශ්‍යතාවන්ට අධ්‍යාපන ක්‍රමය අනූකූලතාව දැක්වීමේ අදහස ඇතිව අධ්‍යාපන ප්‍රතිපත්තියේ සියලු අංශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාය.
පෘථුල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට පහත දැක්වෙන කාරණා ඇතුළත් වේ.
අධ්‍යාපනයේ පරමාර්ථ හා නිෂ්ඨාවන් : පෙර පාසල්, ප්‍රාථමික, ද්විතියික, තෘතියික, උසස්, නොවිදිමත්, අවිධිමත්, වැඩිහිටි, විශේෂ, වෘත්තිය හා ආගමික යන අධ්‍යාපන ක්‍රමයේ ව්‍යුහය : ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම හා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වූ ක්‍රම හා නිර්නායක ඇතුළුව අධ්‍යාපන ආයතන වල පිහිටීම සහ ඒවායේ ව්‍යාප්තිය : ඉගැන්වීමේ මාධ්‍ය, විෂයමාලා විවිධාංගිකරණය, පෙළ පොත් සහ ඉගෙනුම් උපකරණ, ආගමික දැනුම, පිළිපැදීම හා පරිවය ලබන ස්ථානය, තක්සේරු කිරීම හා ඇගයීම, විභාග ක්‍රමය, සහතික,
අභිඥාණ පත්‍ර සහ ශාස්ත්‍රීය ප්‍රදාන හා සුදුසුකම් පිළිගැනීම, ගුරුවරුන්, උපකරණ අධ්‍යාපන කාර්ය මණ්ඩලය, අධීක්ෂකයන් සහ පරිපාලකයන් ඇතුළුව අධ්‍යාපන සේවා කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, ස්ථාපනය කිරීම, ඔවුන්ගේ විනය පාලනය සහ වෘත්තිය වර්ධනය : ප්‍රජා සහභාගිත්වය උපයෝගි කර ගැනීමද ඇතුළුව අධ්‍යාපන සඳහා වූ සම්පත් : සහ දිවා ආහාරය, සෞඛ්‍යය හා දන්ත සේවා , ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා ඇතුළුව ඉගෙනීම සඳහා වූ උපකාරක සේවා.