අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය

අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය

අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය යනු අධ්‍යාපන පද්ධතිය මෙහෙයවන සහ පාලනය කරන අධ්‍යාපන ප්‍රතිපත්ති සැලසුම්කිරීමේ සහ සංවර්ධනය  කිරීමේ ක්‍රියාවලියයි.මූලික අධ්‍යාපනික ගැටළු හඳුනා ගැනීම, ඉලක්ක සහ අරමුණු සැකසීම සහ එම ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග තීරණය කිරීම එයට ඇතුළත් වේ. අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය  ආරම්භ වන්නේ අධ්‍යාපනයට අදාළ සමාජ අවශ්‍යතා, අභියෝග සහ අභිලාෂයන් හඳුනා ගැනීමෙනි.මේ සදහා  අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින්, අධ්‍යාපනඥයින්, විශේෂඥයින් සහ අනෙකත් පාර්ශවකරුවන් දැනට පවතින අධ්‍යාපන භාවිතයන් පර්යේෂණ සොයාගැනීම් සහ ජාත්‍යන්තර භාවිතයන් විශ්ලේෂණය කිරීම සඳහා සහයෝගීව කටයුතු කරනු ලබයි.මෙම ප්‍රතිපත්ති සම්පාදනයේදී ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව  ශිෂ්‍ය ප්‍රජාව, සමාජ-ආර්ථික තත්ත්වයන්, සංස්කෘතික සන්දර්භය සහ තාක්ෂණික දියුණුව වැනි විවිධ සාධක සලකා බැලීම සිදුකරයි. වර්තමානය වන විට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පහත සදහන් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරමින් සිටී

  • විශ්ව විද්‍යාල ප්‍රවේශ ප්‍රතිපත්තිය
  • පාසල්වල ඉගැන්වීම් මාධ්‍ය පිළිබද ජාතික ප්‍රතිපත්තිය සදහා වූ නිර්දෙශ